මව් තුරුලින් මිදී
ළදරු පාසල පසු කරන්
පිය මැන්න දින එදා
මගේ සිහින අසපුවට....
කිංස්වුඩ් මව් වෙතට.
හැමදාමත් ආදරෙයි
ඒ මතක සිත්තමට.
පියාණන් සුරත ගෙන
හෙමින් පියමනින තුරා
ටාං... ටාං... ටාං...
ඉඳිකටු තුඩක හඬටත් අවසර නැත
සයිලන්ස් බෙල් එක
සීරුවෙන් සිටි තැනම ගල්වුනා ම' පියාණන්
කිංස්වුඩ් මහතෙක් වුණු පුරුද්දටම....
අයියලාගෙ කිචි බිචිය....
සයුර පරදන මහ නද
ඇසිල්ලකින් සමවතට සමවැදුණු
අසිරියක්මයි මතක සත්සර.....
සෙනේබර ගුරු මවුන් පියවරුන්
තේජස සපිරි 'මහත්වරුන්' - කිංස්වුඩ් සම්ප්‍රදාය....
අඬන පුතුන් නළවන බණ්ඩා සීයා කුමුදුනි ආන්ටි.....
සදාදර සිප් පියසේ මහිමය
කනට රහසේ කොඳුරන
අකලංක තුරු ගොමු....
විරාජමාන ඉතිහාසය
සිහිකරවමින් නිහඬවම බලා ඉන්න
බලසේ මැතිඳුන්....
මනස්කාන්තයි විදුබිම පුරාවට....
සුදුවතින් සැරසී ටයි පටිය පළඳා
සිනා සපිරි මුවෙන්
අපිව පිළිගත්ත දෙකේ අයියලා.....
ආගමික වතාවත්
විදුහල්පති තුමාගේ කථාවත්
ලෝභ නැතිවම අයියලා බෙදා දුන්
නැටුම්, කවි, ගීත, නාට්‍ය....
බ්ලසේ ශාලාව පුරාම පැතිරුණු
සත්සර නින්නාද සවන්පත් සනහයි තාමත්....
ආදරණීය මව්නි කිංස්වුඩ්....
වසර දහතුනක් ගෙවී ගියා
සිත ගතට නොදැනීම
මව් තුරුලෙන් වෙන්වෙලා යන්න
තව ඇත්තේ බෝම ටික කාලයයි....
හැර යන්නේ කෝමදැයි
සිත හඬා වැලපුනත් යායුතුමයි....
මා මෙන්ම ඔබ සෙනෙහස පතන
මල්ලිලාට ඉඩ දෙන්න ඕනෙමයි....
ප්‍රපංචයේ තක්සලාවයි
මව්නි ඔබ අද්විතීයයි.
~ෂුජා රාෆි~,
ළදරු පාසල පසු කරන්
පිය මැන්න දින එදා
මගේ සිහින අසපුවට....
කිංස්වුඩ් මව් වෙතට.
හැමදාමත් ආදරෙයි
ඒ මතක සිත්තමට.
පියාණන් සුරත ගෙන
හෙමින් පියමනින තුරා
ටාං... ටාං... ටාං...
ඉඳිකටු තුඩක හඬටත් අවසර නැත
සයිලන්ස් බෙල් එක
සීරුවෙන් සිටි තැනම ගල්වුනා ම' පියාණන්
කිංස්වුඩ් මහතෙක් වුණු පුරුද්දටම....
අයියලාගෙ කිචි බිචිය....
සයුර පරදන මහ නද
ඇසිල්ලකින් සමවතට සමවැදුණු
අසිරියක්මයි මතක සත්සර.....
සෙනේබර ගුරු මවුන් පියවරුන්
තේජස සපිරි 'මහත්වරුන්' - කිංස්වුඩ් සම්ප්‍රදාය....
අඬන පුතුන් නළවන බණ්ඩා සීයා කුමුදුනි ආන්ටි.....
සදාදර සිප් පියසේ මහිමය
කනට රහසේ කොඳුරන
අකලංක තුරු ගොමු....
විරාජමාන ඉතිහාසය
සිහිකරවමින් නිහඬවම බලා ඉන්න
බලසේ මැතිඳුන්....
මනස්කාන්තයි විදුබිම පුරාවට....
සුදුවතින් සැරසී ටයි පටිය පළඳා
සිනා සපිරි මුවෙන්
අපිව පිළිගත්ත දෙකේ අයියලා.....
ආගමික වතාවත්
විදුහල්පති තුමාගේ කථාවත්
ලෝභ නැතිවම අයියලා බෙදා දුන්
නැටුම්, කවි, ගීත, නාට්‍ය....
බ්ලසේ ශාලාව පුරාම පැතිරුණු
සත්සර නින්නාද සවන්පත් සනහයි තාමත්....
ආදරණීය මව්නි කිංස්වුඩ්....
වසර දහතුනක් ගෙවී ගියා
සිත ගතට නොදැනීම
මව් තුරුලෙන් වෙන්වෙලා යන්න
තව ඇත්තේ බෝම ටික කාලයයි....
හැර යන්නේ කෝමදැයි
සිත හඬා වැලපුනත් යායුතුමයි....
මා මෙන්ම ඔබ සෙනෙහස පතන
මල්ලිලාට ඉඩ දෙන්න ඕනෙමයි....
ප්‍රපංචයේ තක්සලාවයි
මව්නි ඔබ අද්විතීයයි.
~ෂුජා රාෆි~,