Sunday, November 16, 2014

Android APPS Google Chrome මත ධාවනය කිරීම

මාගේ පද්දතිය 
Debian wheezy 7.7
Kernel Linux 4.0.0-0-amd64
Browsers - Chromium , Google Chrome 

මෙහි වාසිය වන්නේ VM එකක් බාවිත කිරීමේදී මෙන් වැඩිපුර RAM මතකප්‍රමානයක් අවශ්‍ය නොවේ සාමාන්යෙන් Android app ධාවනය සඳහාම නිර්මාණය කළ genymotion වැනි මෘදුකාංගයකින් වුවද Skype app එක සඳහා MB 600ක අවම RAM ප්‍රමාණයක් අවශ්‍යය. නමුත් මෙහිදී වැය වන්නේ MB 35ක් පමණි 

පළමුවෙන්ම ඔබ Chrome හි version 38 හෝ ඊට ඉහල version එකක් ලබාගත යුතුය. wheezy සඳහා Chromium දැනට ඇත්තේ 37 පමණි sid සඳහා 38 ලාබාගත හැක. 

Google Chrome package ලබාගැනීමට මේ සබැඳිය බාවිත කරන්න.
https://www.google.com/chrome/browser/

Chromium 38 sid සඳහා debian repository බාවිත කරන්න 

දැන් ඔබ ARChon Runtime environment ලබාගත යුතුය මෙහි stable සංස්කරණය තවම Chromium පාදක browsers සඳහා ලබාදී නැත දැනට ඇත්තේ Chromium OS සඳහා පමණි. එම නිසා 3න් වෙනි පාර්ෂවය විසින් නිකුත් කල  ARChon Custom Runtime environment එක ලබාගත යුතුය.