Sunday, November 16, 2014

Android APPS Google Chrome මත ධාවනය කිරීම

මාගේ පද්දතිය 
Debian wheezy 7.7
Kernel Linux 4.0.0-0-amd64
Browsers - Chromium , Google Chrome 

මෙහි වාසිය වන්නේ VM එකක් බාවිත කිරීමේදී මෙන් වැඩිපුර RAM මතකප්‍රමානයක් අවශ්‍ය නොවේ සාමාන්යෙන් Android app ධාවනය සඳහාම නිර්මාණය කළ genymotion වැනි මෘදුකාංගයකින් වුවද Skype app එක සඳහා MB 600ක අවම RAM ප්‍රමාණයක් අවශ්‍යය. නමුත් මෙහිදී වැය වන්නේ MB 35ක් පමණි 

පළමුවෙන්ම ඔබ Chrome හි version 38 හෝ ඊට ඉහල version එකක් ලබාගත යුතුය. wheezy සඳහා Chromium දැනට ඇත්තේ 37 පමණි sid සඳහා 38 ලාබාගත හැක. 

Google Chrome package ලබාගැනීමට මේ සබැඳිය බාවිත කරන්න.
https://www.google.com/chrome/browser/

Chromium 38 sid සඳහා debian repository බාවිත කරන්න 

දැන් ඔබ ARChon Runtime environment ලබාගත යුතුය මෙහි stable සංස්කරණය තවම Chromium පාදක browsers සඳහා ලබාදී නැත දැනට ඇත්තේ Chromium OS සඳහා පමණි. එම නිසා 3න් වෙනි පාර්ෂවය විසින් නිකුත් කල  ARChon Custom Runtime environment එක ලබාගත යුතුය.
පහත link හරහා ඔබේ Browser version එකට සහ පද්දතියේ architecture එකට අදාළ ARChon Custom Runtime environment එක Download කරගන්න.

ARChon 1.2 - Intel x86 Chrome 64-bit / Chrome OS 64-bit (OSX: Use this in Chrome Canary)
http://archon.vf.io/ARChon-v1.2-x86_64.zip

ARChon 1.2 - Intel x86 Chrome 32-bit / Chrome OS 32-bit (OSX: Use this in Chrome Stable) (Win7 32-bit: Use something like Chrome Beta 38.0.2125.77 beta-m)
http://archon.vf.io/ARChon-v1.2-x86_32.zip

(ARM පාදක processor සහිත Chrome Books සඳහාද official release එකක් නොමැත.)
ARChon 1.2 - ARM (i.e ARM-based Chromebooks)
http://archon.vf.io/ARChon-v1.2-ARM.zip

දැන් ඔබ Download කරගත් ZIP file එක Unzip කරගන්න. දැන් Chrome Browser එක විවුර්ත කර address bar එකෙහි මෙසේ type කර enter key එක press කරන්න  chrome://extensions/

මෙහි Developer mode ඉදිරියෙන් ඇති කොටුව මත click කරන්න. පහත රුපයේ මෙන් දිස් විය යුතුය.

















දැන් මෙහි Load unpacked extension button එක මත click කර ඔබ Download කර Unzip කරගත් ARChon Runtime environment, directory (Folder) එක ලබාදෙන්න.


දැන් Extenstion එකක් ලෙස ARChon Custom Runtime Chrome මත install වී තිබිය යුතුය  (ඉහත රූපය )

දැන් ඔබ Android applications, Chrome දිගුවක්(extension) ලෙස පරිවර්තනය කිරීමට ARChon APK pakcager එක install කරගත යුතුය. පහල ලින්ක් එකෙන් Chrome Store හරහා Install කරගන්න. 

දැන් ඔබ install කරගත් ARChon APK pakcager එක twerk නමින් Chrome App launcher එකේ සහ Gnome, Unity dash home එකෙහි Applications යට‍තේ දැකිය හැක වෙනත් Desktop Environment වල Application Menu එකෙහි තිබිය යුතුය   (පහල රූපය)














දැන් එය ඔපෙන් කරගන්න.

දැන් මේ තුලට APK (Android application) ගොනුවක් ඇද දමන්න. 
මා මෙහිදී Skype APK එක බාවිත කරමි Skype APK එක Download කරගැනීමට පහළ ලින්ක් එකට යන්න.

දැන් පහල රූපයේ පරිදි දිස්විය යුතුය.
මෙහි ඉහල ප්‍රදේශයේ mascot රුපය ඇති ස්ථානය click කර APP එක සඳහා ඔබ කැමති Icon එකක් තෝරා දිය හැක. Application Name නම් ස්ථානයට SKype apk බාවිත කරන්නේ නම් Skype යනුවෙන් ලබා දෙන්න. package name නම් ස්ථානයට com.skype.raider යනුවෙන් පමණක් තබන්න. (පහත රූපය )

දැන් පහළ ප්‍රදේශයේ mascot ඇති ස්ථානය click කරන්න. දැන් ඔබ කැමති directory එකක් තොර දෙන්න.(මෙම dirctory එක තුලට යන්නේ පරිවර්තනය කරන ලද APP එකයි) ඔබට අවසානයේ 

Skype as been built යනුවෙන් පණිවිඩයක් ෂණිකව දිස්වී ඉවත්වේ. 

ඔබ දැන් නැවතත් chrome://extensions/ යන්න එහි නැවතත් Load unpacked extension button එක මත click කර ඔබ ARChon APK pakcager එක මගින් පරිවර්තනය කරණ ලද app එකෙහි directory එක ලබා දෙන්න. දැන් APP එක chrome තුල install වී තිබිය යුතුය (පහල රූපය ) 

















එහි Launch යන ස්ථානයෙන් සහ Chrome App launcher එකේ සහ Gnome, Unity dash home එකෙහි Applications යට‍තේ Skype යන නමින් application එක තිබිය යුතුය.

මෙම පරිවර්තන කාර්ය ඔබේ දුරකතනයෙන් වුවද සිදු කරගත හැක ඒ සඳහා Play Store තුලින් ARChon Packager නම් app එක ලබාගෙන ඔබේ දුරකතනයේ පවතින app එකක් වුවද පරිවර්තනය කරගත හැක.















ඔබට දැනටමත් වෙනත් අය විසින් පරිවර්තනය කරන ලද APPS ලබාගත හැක ඒ සඳහා පහල ලින්ක් එකට යන්න


මේ සම්බන්දව ගැටළුවක් ඇත්නම් comment කරන්න.

1 comment:

  1. Thank a lot! Really great post you have shared with us.

    ReplyDelete