Wednesday, December 10, 2014

USB Modem පද්දතියට හදුන්වාදීම (Linux)

Linux පද්ධතියකට බොහෝවිට Huawei ඇතුළු බොහෝ Dongal Plug කලවිට පද්දතිය ස්වයන්ක්‍රීයව හඳුනාගන්නේ USB Storage Device එකක් ලෙසටය.  එවිට අන්තර්ජාලයට සම්බන්ද විය නොහැකිය පද්දතිය ඒ අවස්ථාවේදී සකසා ගන්නේ Storage Device එකකට අදාළ වන පරිදිය. අප මෙය USB Modem එකක් ලෙස හදුන්වා දිය යුතුය. මෙම හඳුන්වාදීමේ ක්‍රියාවලිය අපට පහසුවෙන් සිදු කිරීමට usb_modeswitch පැකේජ බාවිත කල හැක.

ඔබ පළමුවෙන්ම කල යුත්තේ ඔබේ Modem එක හඳුනා ගෙන ඇත්දැයි පරීක්ෂා කිරීමයි ඒසඳහා " lsusb " command එක ලබාදෙන්න එවිට මේ ආකාරයට හෝ මෙයට ආසන්න ලෙස සඳහන් වන්නේ නම් ඔබේ Modem එක හඳුනා ගෙන තිබේ. 

Bus 001 Device 006: ID 12d1:1506 Huawei Technologies Co., Ltd. E398 LTE/UMTS/GSM Modem/Networkcard


එසේ හදුනාගෙන ඇතත් ඔබට Network-Manager එක බාවිතා කොට අන්තර්ජාලයට සම්බන්ද විය නොහැකි නම් පහත සම්බන්දියෙන්  වීඩියෝව හෝ ලිපිය බලන්න.

Video
http://www.youtube.com/watch?v=izy8IfwjP8o

Article 
http://shujassinhalablog.blogspot.com/2014/06/linux-distribution-usb-modem.html

lsusb මගින් ලැබෙන ප්‍රතිදානයෙහි වෙනත් ආකාරයකට සඳහන් වන්නේ නම් (උදා - Bus 001 Device 006: ID 12d1:1506 Huawei Technologies Co., Ltd USB Storage ) ඔබ මෙය Modem එකක් බව හදුන්වාදිය යුතුය.

ඒසඳහා ප්‍රථමයෙන් ඔබේ පද්දතියේ usb_modeswitch පැකේජ ඇත්දැයි පරීක්ෂා කරබලන්න ඒසඳහා Terminal එක open කර 
sudo -i ලබාදී Super user (root user, administrator, සුපිරි පරිශීලක) වෙත මාරුවෙන්න.

දැන් usb_modeswitch ලෙස ලබාදෙන්න එවිට Usage: යටතේ විධාන අර්ථ ලැබෙන්නේ නම් ඔබේ පද්දතියේ usb_modeswitch පැකේජ ස්ථාපනය කොට ඇත.

එසේ නොමැතිව command not found ලෙස ලැබෙන්නේ නම් ඔබේ පද්ධතියට පැකේජය ස්ථාපනය කරගතයුතුය.

ඔබට android දුරකතනයක් හෝ Tether කිරීමෙන් අන්තර්ජාලයට සම්බන්ද විය හැකිනම් මෙම package පහසුවෙන් install කරගත හැක. ඔබට දැනට මොනයම් හෝ මාර්ගයකින් අන්තර්ජාලයට සම්බන්ධ වී ඇත්නම් පහත commands ලබාදී usb_modeswitch install කරගන්න 

sudo -i 

apt-get update 
apt-get install usb-modeswitch

දැනට ඔබේ Linux පද්දතියේ අන්තර් ජාලය නොමැති නම් පහත link ඔස්සේ ඔබේ පද්දතියට අදාළ පැකේජ ලබාගන්න 

Ubuntu/Lubuntu/Kubuntu (ubuntu base)

lucid
http://packages.ubuntu.com/lucid/usb-modeswitch

precise
http://packages.ubuntu.com/precise/usb-modeswitch

trusty 
http://packages.ubuntu.com/trusty/usb-modeswitch

utopic 
http://packages.ubuntu.com/utopic/usb-modeswitch

Debian 

wheezy 
https://packages.debian.org/wheezy/comm/usb-modeswitch

sid 
https://packages.debian.org/sid/usb-modeswitch

RPM පද්දති සඳහා 

http://rpm.pbone.net/index.php3?stat=3&search=usb_modeswitch&srodzaj=3

දැන් ඔබ Download කරගත් package ඔබේ package manager එකට අදාළ වන පරිදි install කරගත යුතුය 
eg - Debian 
dpkg -i 
ඉන්ස්ටල්ල් කරගැනීමේ අසීරුතාවක් ඇත්නම් comment මගින් විමසන්න.

දැන් ඔබ install කරගත් usb_modeswitch පැකේජය මගින් ඔබේ Modem එක හදුන්වාදිය යුතුය.
ඒසඳහා lsusb ලබා දෙන්න දැන් ලැබෙන output එකෙහි ඔබේ modem එකට අදාලව ඇති  ID එකෙහි පළමු 16 පාදයේ සංක්‍යා 4න් පෙන්නුම් කරන්නේ Vendor ID එකයි 2වන 16පාදයේ සන්ක්‍යා 4න් පෙන්නුම් කරන්නේ Device ID හෙවත් Product ID එකයි.

දැන් මොඩමය හදුන්වාදීමේ ක්‍රියාවලිය සඳහා

Huawei 

sudo -i 

usb_modeswitch -H -v Vendor -p Product 

මෙහි Vendor සහ Product යනුවෙන් ඇති ස්ථාන සඳහා ඔබේ Modem එකෙහි ID ලාබා දෙන්න මෙහි H සඳහන් කර ඇත්තේ huawei නිසාය 

eg-

usb_modeswitch -H -v 12d1 -p 1506

දැන් lsusb command එක දී බලන්න. පද්දතිය modem එක හදුනාගෙන ඇත 

දැන් විනාඩියක් පමණ බලාසිටින්න ඔබේ Network-Manager එක dongale ලබාගන්නේද යන්න. එසේ ලබා නොගන්නේ නම් modem එක usb එකෙන් ගලවා නැවත සම්බන්ධ කරන්න ඒත Network-Manager එකෙන් ප්‍රතිචාරයක් නොමැති නම්. පහත ලිපියේ හෝ video එකෙහි ඇති පරිදි සම්බන්ධ කරගන්න.

Video 
http://www.youtube.com/watch?v=izy8IfwjP8o

Article 
http://shujassinhalablog.blogspot.com/2014/06/linux-distribution-usb-modem.html

No comments:

Post a Comment