Monday, June 2, 2014

ඕනෑම Linux Distribution එකක් ඕනෑම USB Modem එකක් මාර්ගයෙන් අන්තර්ජාලයට සම්බන්ද කිරීම.

ඉස්සෙල්ලම sakis3g Download කරගතයුතුයි ඒසඳහා පහල ලින්ක් එකට ගොස් දකුණු පස ඇති Download ZIP ඔබන්න.
https://github.com/Trixarian/sakis3g-source

මන් හිතනවා ඔයාලා default download folder  එක වෙනස් නොකර ඇති කියලා. (එහෙම වෙනස් කරලා නම් ඔයාලා Linux file hierarchy එක තේරුම්ගන්න වෙනවා.)
(දැනට ඔයාලගේ පරිගණකයේ අන්තර්ජාල පහසුකම් නොමැති නම් වෙනත් පරිගණකයකින් Download කර ඔයාලගේ පරිගණකයේ Downloads folder එකට copy කරගන්න)

හරි දැන් ඔයාලා download කරපු එක home/Downloads ෆෝල්ඩරය ඇතුලේ sakis3g-source-master.zip ලෙස තියෙන්න ඕන.
දැන් අපි download කරගත්ත zip file එක extract කරන්න ඕන.
අපි ඒක extract කරන්න යන්නේ Desktop එකටයි. ඒකට පළවෙනියට Terminal එක ඔපෙන් කරගන්න.
දැන් terminal එක ඇතුලේ මෙහෙම type කරන්න.
unzip /home/ඔයාගේ-user-name/Downloads/sakis3g-source-master.zip -d /home/ඔයාගේ-user-name/Desktop
 උදා :- මගේ නම් මෙහමයි unzip /home/shuja/Downloads/sakis3g-source-master.zip -d /home/shuja/Desktop

ඔයා ඕක හරියට extract කරගත්තනම් Desktop එකේ sakis3g-source-master කියලා folder එකක් තියෙයි 
ඒ folder එක ඇතුලේ src නමින් folder එකක් ඇති ඒක ඇතුලේ sakis3g නමින් shell script එකක් ඇති ඔයාට මේ shell script එක run කරන්න ක්‍රම දෙකක් තියෙනවා
පලවෙනි ක්‍රමය shell script එක doubble click කරන එක එතකොට Run හෝ Exicute දෙන එක. file එක GUI මාර්ගයෙන් විවුර්ත කරන්න පහසුකම් නැත්තම් CLI මාර්ගයෙන් විවුර්ත කරන්න ඕන. මේ ක්‍රම 2කෙන්ම විවුර්ත කරන විදිහ පහල screen shot වල තියෙනවා 


පළමු ක්‍රමය:-


දෙවන ක්‍රමය:-  terminal එකේ මේ විදිහට type කරන්න 
Desktop/sakis3g-source-master/src/./sakis3g


මේ මොන ක්‍රමයකින් හරි open කරගත්තාට පස්සේ මේවගේ window එකක් ලැබෙයි 

මෙහි connect with 3g select කරලා OK ඔබන්න්න 

ඊලගට USB Device තෝරා OK ඔබන්න 

දැන් ඔබේ Modem එක තෝරන්න 

interface 0 ලෙස ලබාදෙන්න 

apn සඳහා සේවාදායකයාගේ apn එක ඇතුලත් කරන්න 

username සඳහාද apn එකම ඇතුලත් කරන්න 

password සඳහා 1234 ලබාදෙන්න 

දැන් සමහර විට error පණිවුඩයක් පැමිණියත් එය නොතකා browser එක විවුර්ත කොට බලන්න.
ගැටළුවක් ඇත්නම් comment කරන්න. මේ ආකාරයට USB dongle පමණක් නොව චීන MTK දුරකථන හරහා වූවද අන්තර්ජාලයට සම්බන්ද කල හැකිය. චීන දුරකතවලින් ලබාගත හැකි උපරිම වේගය 50kbps  

-ඉහත අප ඇතුලත් කල විදාන තේරුම් ගැනීම-

unzip /home/ඔයාගේ-user-name/Downloads/sakis3g-source-master.zip -d /home/ඔයාගේ-user-name/Desktop

පලවෙනි unzip යන වචනයෙන් zip file එකක් unzip කිරීමට විදානය කොට ඇති අතර ඊළඟට zip file එක ඇති ස්ථානය ලබාදී ඇත මෙහි පළමු / මගින් දැක්වෙන්නේ root සිට පටන්ගැනීමයි ඉන් පසු home ෆෝල්දරයටත් ඊලනගට username අදාළ folder යත් එයින් පසු Downloads සහ අදාළ zip file එකයි. දැන් තෝරා ඇති zip faile එක unzip කිරීමට ස්ථානයක් ලබාදිය යුතුය එසේ ස්ථානයක් ලබා නොදුන්නේ නම් එම folder ය  තුලම extract වේ මෙහි zip ෆයිලයේ ස්ථානය ලබාදීමෙන් පසු ඇති  -d මගින් අදහස් කරන්නේ destination වේ. එයින් පසු extract වියයුතු ස්ථානය ලබාදීමට හැකිය එයද ඉහත සඳහන් කල පරිදි රූට් සිට පටන් ගෙන Desktop දක්වා ලබාදී ඇත.

sakis3g shell script එක විවුර්ත කිරීමට 2වෙනි ක්‍රමයේදී බාව්ත කල ./ මගින් අදහස් කෙරෙනුයේ linux executable එකක් execute කරන ලෙසයි.

1 comment:

  1. thank you so much.
    rootboy.

    අද ඉදන් මාත් ලිනක්ස්, ලිනක්ස් බාවිතයට තිබ්බ ලොකුම ගැටලුව ඔන්න ඉවරයි. අයෙත් තැන්ක් යූ සෝ මච්

    ReplyDelete