Friday, January 29, 2016

KIM සමග Kingswood අපි

එහෙ මෙහෙ දුව පැන
විඩා නොසලකා
අපේ දහඩිය, සුසුමෙන්
අපවම ප්‍රාණවත් කළ
අපේ ආදරණීය "කිංස්වුඩ් ඉස්ලාම් මජ්ලිසය"
කෙටියෙන්ම කියනවානම් KIM....

වෙන්ව යන්නට තව නොබෝ කාලයයි
සිත පුරා දුක ඉරිතලයි
විදු මවට සේම KIM වෙතද

අපේ ප්‍රණාමය පුදකරන්න අවසරයි...
සිසු දිවියේ කඩ ඉමට
අරුතක් එක් කරන්නට
අපට ඉඩහසර දුන්
අපේ සෙනෙහෙබර KIM

අපි ඔබට ණයගැතියි
ලස්සනට සැරසූ
බ්ලසේ ශාලාවේ
වාද විවාද, කථික ක්රාත්
තවත් සුවහසක් තරඟ තුර
ජය පරාජය දෝතින්ම ගෙන
විඳ දරාගන්නට සවිය දුන්
KIM සදා අනුස්මරනීයයි...

අපේ නියමුවාණන් විදුහල්පති තුමන්
සිප් කිරි පෙවූ ගුරු මාපියන්
Kingswood සම්ප්‍රදායෙන්ම අපේ වීරයන්
හැමදාමත් සිහි කරනවා බැතියෙන්.

ඕන හැම තැනකදීම
අපට ඔවදන් දී
දැනුමෙන් අප සවිමත් කළ
අපේම මවුලවි සර්....

සලාත්, සලවාත්, තිලාවත් සේම
කෙළි කවටකම් සිනා හඬ දෝන්කාරේ දෙන
නැටුම් ගැයුම් නිමක් නැති
ඉහිරුණු කොලු කමට ජීවය දුන්න
අපේම ඉස්ලාම් කාමරය....

තව නොබෝ දිනකින්ම
සමුගන්නවා අප සියල්ලෙන්
විදු බිම පුරාවට අපට සෙවන දුන්
ගහකොළ ද මල් ගල් වැටිද
විරහවෙන් රිදීවි - අපේ සිත් සේම
හඬනවා නියතයි......

වේදනාව දුක් දෝමනස්ස
අප මුහුණ දුන් නේක පීඩා
අපිම තියාගෙන
මල් ඵල ද කිත් පැසසුම්
ආදරයෙන් තිලිණ කරන්නම්
අපේම මල්ලිලාට
ස්නේහය පිරුණු සිතින්......

බැතියෙන්ම රැකගන්න
අපේ ආදර Kingswood විදු මව
ගුරු මවු වරුන් පියවරුන්
විදු බිමේ සසල නිසල සම්පත්
සියල්ලත් සමග

KIM ආදරයෙන්.....

නොනවතිනා ගමනකට
දිගාසිරි පතමු ඔබට
KIM අපේ ජීවයයි ඔබ

සොඳුරු සිත්තමක් වී
සදා මතකයේ සරණ......

ෂුජා රාෆි
2015 
KFE
























































  

Tuesday, June 23, 2015

රැන්ඩ්ල්ස් මතක සැමරුම - The Memories of Randle's Hill

මව් තුරුලින් මිදී
ළදරු පාසල පසු කරන්
පිය මැන්න දින එදා
මගේ සිහින අසපුවට....
කිංස්වුඩ් මව් වෙතට.
හැමදාමත් ආදරෙයි
ඒ මතක සිත්තමට.

පියාණන් සුරත ගෙන
හෙමින් පියමනින තුරා
ටාං... ටාං... ටාං...
ඉඳිකටු තුඩක හඬටත් අවසර නැත
සයිලන්ස් බෙල් එක
සීරුවෙන් සිටි තැනම ගල්වුනා  ම' පියාණන්
කිංස්වුඩ් මහතෙක් වුණු පුරුද්දටම....
අයියලාගෙ කිචි බිචිය....
සයුර පරදන මහ නද
ඇසිල්ලකින් සමවතට සමවැදුණු
අසිරියක්මයි මතක සත්සර.....

සෙනේබර ගුරු මවුන් පියවරුන්
තේජස සපිරි 'මහත්වරුන්' - කිංස්වුඩ් සම්ප්‍රදාය....
අඬන පුතුන් නළවන බණ්ඩා සීයා කුමුදුනි ආන්ටි.....
සදාදර සිප් පියසේ මහිමය
කනට රහසේ කොඳුරන
අකලංක තුරු ගොමු....
විරාජමාන ඉතිහාසය
සිහිකරවමින් නිහඬවම බලා ඉන්න
බලසේ මැතිඳුන්....
මනස්කාන්තයි විදුබිම පුරාවට....

සුදුවතින් සැරසී ටයි පටිය පළඳා
සිනා සපිරි මුවෙන්
අපිව පිළිගත්ත දෙකේ අයියලා.....
ආගමික වතාවත්
විදුහල්පති තුමාගේ කථාවත්
ලෝභ නැතිවම අයියලා බෙදා දුන්
නැටුම්, කවි, ගීත, නාට්‍ය....
බ්ලසේ ශාලාව පුරාම පැතිරුණු
සත්සර නින්නාද සවන්පත් සනහයි තාමත්....

ආදරණීය මව්නි කිංස්වුඩ්....
වසර දහතුනක් ගෙවී ගියා
සිත ගතට නොදැනීම
මව් තුරුලෙන් වෙන්වෙලා යන්න
තව ඇත්තේ බෝම ටික කාලයයි....

හැර යන්නේ කෝමදැයි
සිත හඬා වැලපුනත් යායුතුමයි....
මා මෙන්ම ඔබ සෙනෙහස පතන
මල්ලිලාට ඉඩ දෙන්න ඕනෙමයි....
ප්‍රපංචයේ තක්සලාවයි
මව්නි ඔබ අද්විතීයයි.

~ෂුජා රාෆි~, 
KFE


Wednesday, December 10, 2014

USB Modem පද්දතියට හදුන්වාදීම (Linux)

Linux පද්ධතියකට බොහෝවිට Huawei ඇතුළු බොහෝ Dongal Plug කලවිට පද්දතිය ස්වයන්ක්‍රීයව හඳුනාගන්නේ USB Storage Device එකක් ලෙසටය.  එවිට අන්තර්ජාලයට සම්බන්ද විය නොහැකිය පද්දතිය ඒ අවස්ථාවේදී සකසා ගන්නේ Storage Device එකකට අදාළ වන පරිදිය. අප මෙය USB Modem එකක් ලෙස හදුන්වා දිය යුතුය. මෙම හඳුන්වාදීමේ ක්‍රියාවලිය අපට පහසුවෙන් සිදු කිරීමට usb_modeswitch පැකේජ බාවිත කල හැක.

ඔබ පළමුවෙන්ම කල යුත්තේ ඔබේ Modem එක හඳුනා ගෙන ඇත්දැයි පරීක්ෂා කිරීමයි ඒසඳහා " lsusb " command එක ලබාදෙන්න එවිට මේ ආකාරයට හෝ මෙයට ආසන්න ලෙස සඳහන් වන්නේ නම් ඔබේ Modem එක හඳුනා ගෙන තිබේ. 

Bus 001 Device 006: ID 12d1:1506 Huawei Technologies Co., Ltd. E398 LTE/UMTS/GSM Modem/Networkcard

Sunday, November 16, 2014

Android APPS Google Chrome මත ධාවනය කිරීම

මාගේ පද්දතිය 
Debian wheezy 7.7
Kernel Linux 4.0.0-0-amd64
Browsers - Chromium , Google Chrome 

මෙහි වාසිය වන්නේ VM එකක් බාවිත කිරීමේදී මෙන් වැඩිපුර RAM මතකප්‍රමානයක් අවශ්‍ය නොවේ සාමාන්යෙන් Android app ධාවනය සඳහාම නිර්මාණය කළ genymotion වැනි මෘදුකාංගයකින් වුවද Skype app එක සඳහා MB 600ක අවම RAM ප්‍රමාණයක් අවශ්‍යය. නමුත් මෙහිදී වැය වන්නේ MB 35ක් පමණි 

පළමුවෙන්ම ඔබ Chrome හි version 38 හෝ ඊට ඉහල version එකක් ලබාගත යුතුය. wheezy සඳහා Chromium දැනට ඇත්තේ 37 පමණි sid සඳහා 38 ලාබාගත හැක. 

Google Chrome package ලබාගැනීමට මේ සබැඳිය බාවිත කරන්න.
https://www.google.com/chrome/browser/

Chromium 38 sid සඳහා debian repository බාවිත කරන්න 

දැන් ඔබ ARChon Runtime environment ලබාගත යුතුය මෙහි stable සංස්කරණය තවම Chromium පාදක browsers සඳහා ලබාදී නැත දැනට ඇත්තේ Chromium OS සඳහා පමණි. එම නිසා 3න් වෙනි පාර්ෂවය විසින් නිකුත් කල  ARChon Custom Runtime environment එක ලබාගත යුතුය.

Monday, June 2, 2014

ඕනෑම Linux Distribution එකක් ඕනෑම USB Modem එකක් මාර්ගයෙන් අන්තර්ජාලයට සම්බන්ද කිරීම.

ඉස්සෙල්ලම sakis3g Download කරගතයුතුයි ඒසඳහා පහල ලින්ක් එකට ගොස් දකුණු පස ඇති Download ZIP ඔබන්න.
https://github.com/Trixarian/sakis3g-source

මන් හිතනවා ඔයාලා default download folder  එක වෙනස් නොකර ඇති කියලා. (එහෙම වෙනස් කරලා නම් ඔයාලා Linux file hierarchy එක තේරුම්ගන්න වෙනවා.)
(දැනට ඔයාලගේ පරිගණකයේ අන්තර්ජාල පහසුකම් නොමැති නම් වෙනත් පරිගණකයකින් Download කර ඔයාලගේ පරිගණකයේ Downloads folder එකට copy කරගන්න)

හරි දැන් ඔයාලා download කරපු එක home/Downloads ෆෝල්ඩරය ඇතුලේ sakis3g-source-master.zip ලෙස තියෙන්න ඕන.
දැන් අපි download කරගත්ත zip file එක extract කරන්න ඕන.

Sunday, April 20, 2014

පැරණි TV Games Linux වල Play කරමු


මා මෙහිදී බාවිත කරන්නේ උබුන්ටු මෙහෙයුම් පද්දතියයි. පළමුව GFCE Ultra NES Emulator ය Install කරගතයුතුය ඒ සඳහා පහත command එක බාවිත කරන්න. 

sudo apt-get install gfceu

දැන් ඔබට අවශ්‍ය game එකෙහි rom එක මේ අඩවියෙන් ලබාගන්න.

Friday, March 28, 2014

Ubuntu 12.04 LTS USB Modem ගැටලුව

English Post
http://shujasblog.blogspot.com/2014/03/in-ubuntu-1204-usb-modem-can-be.html

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Ubuntu 12.04 LTS පද්දතියේ ZTE ඇතුළු අනෙකුත් Dongle වර්ග connect උනත් Internet Browse කරන්න බැරි එක. මේ ගැටලුව මගහරවාගන්න කරන්න තියෙන්නේ බොහෝම සුලුදෙයක් 
ඉස්සෙල්ලම සාමාන්‍ය විදිහට connect කරන්න. 
දැන් Terminal එක open කරගන්න.
දැන් sudo dhclient usb0 ලෙස Type කරන්න. දැන් password ලබාදී තත්පර 10කට පසු web browser එක ඔපෙන් කරලා බලන්න ගැටළුවක් නැතිව වෙබ් පිටු විවුර්ත කල හැකිය.  
(usb0 කියන තැනට ඔයාගෙ dongle socket number එක දෙන්න ඕන)

Sunday, December 22, 2013

Android සඳහා පැහැදිලි සිංහල අකුරු Sinhala For Android

වෙබ්මත පමණි 

අකමැත්තෙන් වූවද Firefox for Android Install කරගෙන මේ addon එක install කරගන්න. superuser බලතල අවශ්‍ය නොමැත(Root/Administrative permission is not needed) 
https://addons.mozilla.org/en-US/android/addon/sinhala-fonts-package/

පරීක්ෂා කල උපාංගය Google Nexus 7
Sinhala For Android

Saturday, December 21, 2013

Enable Google Maps Navigation

දැන් අපේ ලංකාවේ ගොඩක් කට්ටිය එක එක සමාගම් වල marketing වලට රැවටිලා ඉන්නේ උදාහරණ Dialog , Navitel. මෙයාලා දෙගොල්ලොම ලංකාවේ gps විකුණලා හම්බ කරනවා. අපේ මිනිස්සුත් ගන්නවා පාරක් හොයාගන්න ගියාම අපේ අයට යකා නගිනවා. අන්තිමට Google maps වලින් පාර බලලා යනවා. හැබැයි ලංකාවට Google maps navigation දෙන්නේ නැහැ. හැබැයි අපිට Root කරලා enable කරගන්න පුළුවන් මේක android දුවන ඕනෑම device එකක කරන්න පුළුවන්.

Google Maps Navigation වාසි 


  • Updates (යාවත් කාලීන) සඳහා මුදල් ගෙවීමට අවශ්‍ය නොවීම.
  • ලංකාවේ ඕනෑම කැලෑවක් තුල ඇති පාරක්  Google Maps තුල තිබීම.
  • පාර නොමැතිනම් චන්ද්‍රිකා චායාරූප බලාගෙන හෝ ගමන් කල හැකිවීම.

මෝටර් රථයට 

 ඔබේ මෝටර් රථයේ ඇති Display එකට HDMI සම්බන්ද කළ හැකි නම් සහ ඔබේ Android දුරකතනයේ HDMI out කල හැකි නම් වියදමකින් තොරව මෝටර් රථයට Google maps සම්බන්ද කලහැකිය.අවශ්‍ය වන්නේ cable එකක් පමණි. එසේ නොමැති නම් ඔබට උපාංග කිහිපයක් මිලදීගෙන සවිකරගත හැක. ඉහළ ගුණාත්මක බාවයක් සඳහා පහත සඳහන් උපාංග recommend කරමි.

Google  Nexus 7  2013         = $229
Google  Nexus 7 2012          =$160
MIFI                              = Rs 9999 from Hutch.lk 
Nexus 7 Car Mount      = $40 from ebay 

*මේ සඳහා ඕනෑම Tablet එකක් බාවිත කලහැකිය උදා - Samsung Galaxy Tab වැනි devices 

ලංකාවෙන් මිලදීගත හැකි Android Tabs 
http://www.singersl.com/products/index.asp?pcode=HUA_HU-S7&PC=mobile_phones
http://www.etisalat.lk/personal/devices/tabs/samsung-galaxy-tab2-7/#.UrYHI9IW14Q
මේ ටැබ්ස් 2ක වූවද මෝටර් රථයට හොඳින් ගැලපේ.

*ඉහත සඳහන් ටැබ්ස් රූට් කරගන්නා ආකාර 
http://forum.xda-developers.com/showthread.php?t=2127113
http://forum.xda-developers.com/showthread.php?t=2315808

සැලකිය යුතුයි : Nexus 7 2012 එක ඩොලර් 190 වකට පමණ මිලදීගත හැකයි . තවද Nexus 7 හි HSDPA ඇති device එක $349 කට මිලදීගත හැක. HSDPA සහිත උපාංගයක් ගන්නේ නම් MIFI උපාංගය අවශ්‍ය වන්නේ නැත. *මේ සියල්ල පිටරටකින් ගන්නේ නම් ඩොලර් 400ක් තුල මිලදීගත හැක. මා recommend කරන්නේද පිටරටින් මිලදී ගැනීමයි.

*Nexus 7 සඳහා USB ඩොන්ගල් එකක් වූවද බාවිතා කළ හැක නමුත් එකදිගට විදුලිය සැපයීම අසීරුය මෙය බටරියටද අහිතකරය ඔබට හොඳ ඉලෙක්ට්‍රොනික දැනුමක් ඇත්නම් පිටින් විදුලිය සැපයීමට සාදාගත හැක. අවදානම් සහගත ක්‍රියාවකි Nexus 7 උපාංගය දවීයාමට හැකිය. එමනිසා MIFI උපාංගය බාවිත කිරීම සෑම අතින්ම හොඳය.

Nexus 7 Root කිරීම 

Nexus 7 හි දුවන්නේ Android හි කිසිම වෙනසක් නොකළ pure Android මෙහෙයුම් පද්දතියයි Root කිරීම පහසුවෙන් කළ හැකිය.

Root Nexus 7 In Linux

Download Superuser.apk and adb.linux

linux බාවිතා කරන්නන්ට පියවරෙන් පියවර පැහැදිලි කිරීම අවශ්‍ය නොවේ යැයි සිතමි. අවශ්‍ය නම් comment කරන්න. 

Root Nexus 7 In Windows 

ඉතුරුටික හෙට type කරලා දාන්නම් අත රිදෙනවා බන් 

Google Nexus  7
http://www.google.com/nexus/7/

MIFI 

Nexus 7 Car Mount